Card image cap

දින 200ක් ගියත් කාටවත් කොරෝනාත් නැති - ඇදිරි නිතීයත් නැති ආසියාවේ සැගවූණු රට

කොරෝනා දෙවන රැල්ල පාලනයට ඉතා වෙහෙසකර පරිශ්‍රමයක් ලොව රටවල් බොහෝමයක් දරමින් සිටිනවා. මෙවන් පසුබිමක චීනයට මායිම් වු තායිවානය දැනට කිසිඳු රෝගියෙකු හෝ වාර්තා නොකර ගෙවාදමන 200 දිනය පසුකර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයට ඉතාමත් ආසන්න ජනගහනයක් සිටින රටක් වන තායිවානයේ සමස්ත් ජනගහනය මිලියන 23ක්. මෙවන් ජනගහනයක් සිටින තායිවානයේ අවසන් වරට කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇත්තේ ඉකුත් අප්‍රේල් 12 වනදා වීම විශේෂත්වයක්.

Card image cap

ශ්‍රී පාද වන්දනා වාරය අරඹනවා - ශ්‍රී පාදස්ථනාධිපති හිමි

පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ වුවද 2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව පවත්වන බවයි ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් පවසන්නේ. පුරාණයේ සිට පැමිණෙන සිරිත් විරිත් වලට අනුකුලව උදුවප් පොහෝ දිනයෙන් ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත් උන්වහන්සේ පැවසීය. පවතින වසංගත තත්ත්වය හමුවේ රටේ පවතින සෞඛ්‍යය නිර්නායක වලට අනුව කටයුතු කරමින් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් අදාල තේවාවන් කටයුතු සිදුකෙරේ.

Card image cap

පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 26ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගය ජයගැනීමට පාකිස්ථානය සමත් විය. කාසියේ වාසිය හිමිකරගෙන මුලින් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුලු අටකට රැස් කළ ලකුණු සංඛ්‍යාව 271ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 4 කදී සියලුු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 255 ක් පමණයි.

Card image cap

බෙල්ජියම හෙට සිට සති 6ක් වසා දැමීමට තීරණ කරයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීම හේතුවෙන් හෙට සිට සති හයක කාලයක් රට වසා දැමීමට තීරණය කළ බව බෙල්ජියම් රජය පවසයි. බෙල්ජියමේ කොරෝනා ආසාදිතයින් රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි බෙල්ජියම් ආග්‍රාමාත්‍යවරයා පවසන්නේ. සියලුම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙළදසල් වසා දැමීමට ද රජය නියෝග කර තිබේ.

Card image cap

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල කටයුතු සීමා කෙරේ

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල කටයුතු සීමාවන්ට යටත්ව සිදු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණයකර තිබේ. කොමිෂන් සභාව පැවසුවේ, රැඳවියන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීම, අත්අඩංගුවට පත්වන සැකකරුවන් සම්බන්ධ කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා පමණක් සිදුවන බවයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ස්ථාපිත සෙසු අධිකරණවල විභාග වීමට නියමිතව තිබූ නඩු යළි විභාගයට ගැනෙන දිනයන් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.

Card image cap

ජනපති කොමිසමේ පැමිණිලි විභාග අවසන්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග අවසන් කර ඇති බව එම කොමිසම සඳහන් කරයි. එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව නොවැම්බර් 09 හෝ ඊට පෙර දිනයක දී ජනපතිවරයා වෙත භාර දෙන බවයි.

Card image cap

ඇඳිරි නීතියට පෙර පැන්න අය හොයන්න සමාජ මාධ්‍යයත් යොදා ගනියි

නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිට පළාත් වලට ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ පිරිස් අන්තර්ජාලය ඔස්සේ සොයා ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එලෙස පිටව ගොස් සිටින පිරිස් මේ වන විට හෝටලයක, සංචාරක නිවාඩු නිකේතනයක, නිවසක සිටිනවානම් ඔවුන් එතැන සිට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන්නැයි දන්වයි.

Card image cap

මෙක්සිකෝවෙන් සමූහ මිනී වළක්

මෙක්සිකෝවේ ගුවනහුවාතෝ ප්‍රාන්තයෙන් සමූහ මිනී වලක් හමුවී තිබේ. එහි මෘත දේහ 59 ක් තිබූ බව විදෙස් වාර්තා පවසයි. මෑත වර්ෂවලදී මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින් ඉහළ ගොස් ඇති අතර එවැනි සිදුවීම්වලින් මියගිය බවට විශ්වාස කෙරෙන පුද්ගලයන්ගේ මළ සිරුරු සහිත සමූහ මිනී වළක් මෙලෙස හමුවී තිබේ.

Card image cap

ග්‍රීසියට සහ තුර්කියට බලපෑ භූ කම්පනයෙන් 22ක් ජීවිතක්ෂයට

ඒජියන් මුහුදේ ඊයේ (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයෙන් ග්‍රීසියේ සහ තුර්කියේ 20 කට වැඩි පිරිසක් මියගොස් බොහෝ අලාභ හානි සිදුවී ඇතැයි නව විදෙස් වාර්තා පවසයි. තුර්කියේ ඉස්මිර් නගරයට දැඩි හානි සිදුවී තිබේ. සුන්බුන්වලට යටවී සිටි 70 දෙනකු පමණ බේරාගෙන තිබේ.

Card image cap

රාජකාරිය ඉටු කරන්න ගිය PHIට මන්ත්‍රීවරයෙකුගෙන් තර්ජන

නිරෝධායන ප්‍රදේශයක අනවසර වෙලදාමක් ඉවත් කිරිමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතාගේ රාජකාරියට එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ සෙල්වදොරෙයි රත්නකුමාර් නැමති මන්ත්‍රිවරයා නිරෝධාන රාජකාරියට බාධා කල බව පවසමින් මැදවෙල මහතා හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට (30) දින පැමිණිල්ලක් කර ඇත.

Card image cap

කොරෝනා වෛරසය සමාජය තුළ තියෙනවා - ඖෂධ ඇමැති

වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. කොරෝනා වෛරසය කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී මුල් දින දෙක තුන තුළ ඇත්තේ නාස්කුහරය තුල බවත් පැවැසූ ඔහු එහිදී වෛරසය විනාශ කිරීම සඳහා හුමාලය ඇල්ලීම ඉතා සුදුසු බව ද ඔහු පැවසීය.

Card image cap

පසුගිය පැය විසි හතරේදී ඉන්දියාවෙන් කොවිඩ් මරණ 550ක්

ඉන්දියාවෙන් පසුගිය පැය 24 දී මරණ 550 ක් වාර්තා වී තිබේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 121,681 දක්වා ඉහළ ගොස් තිබේ. එරට ඊයේ (30) දිිනය තුළ පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 48,120 ක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,137,119ක් දක්වා වැඩි වී තිබේ.